ඓතිහාසික කසාගල රජ මහා විහාරය
අභිලේඛණ
ඕනෑම මතුපිටක ලියැවුණු පැරණි ලේඛනයක් හෝ සංකේත අභිලේඛන යනුවෙන් හැඳින්විය හැක. ක‍්‍රිස්තු පූර්ව හය වන සියවසේ පමණ සිට ශ‍්‍රී ලංකාවේ අභිලේඛන ලිවීම ආරම්භ වී ඇත. මේ සඳහා පාෂාණ පෘෂ්ට, මැටි, ලෝහ, තල්පත් වැනි මාධ්‍ය උපයෝගි කොට ගෙන ඇත. අභිලේඛණ පිහිටි ස්ථාන සහ මාධ්‍ය අනුව සෙල් ලිපි, ලෙන් ලිපි, ගිරි ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි, පාදම් ලිපි, සන්නස්, ලෝහ පත් ඉරු, පුස්කොළ පත්, කරඩු ලිපි යන ආදී වශයෙන් වර්ග කෙරේ. ශ‍්‍රී ලංකාවේ පුරාවිද්‍යා ස්ථාන වලින් දැනට හමුවි ඇති මෙම ලේඛන බ‍්‍රාහ්මි, සිංහල , පාලි. සංස්කෘත, දෙමළ, අරාභි, චින සහ ඉංග‍්‍රීසි යන අක්ෂර හා භාෂා වලින් ලියැවී ඇත. ශිලා ලේඛණ අධ්‍යනය කිරීමෙන් සමකාලීන සමාජයෙහි පැවති ආර්ථික, දේශපාලනික, සංස්කෘතික, හා සමාජිය තොරතුරු රැසක් හඳුනා ගත හැකිය.
කසාගල විහාරයේ දක්නට ලැබෙන ශිලා ලේඛන
ක‍්‍රිස්තු වර්ෂ 5-6 වන සියවස් අතර කාලයට අයත් වන මෙම ලිපිය ලියැවී ඇත්තේ පරිවර්තිත බ‍්‍රාහ්මී අක්ෂරයෙනි. පුරාණ සිංහල භාෂාව මෙහි දක්නට ලැබේ. "මණි අබ " නම් තැනැත්තා වහල් බවින් (වහරල) මුදවන බව මෙම සෙල් ලිපියේ සඳහන් වේ.
ක‍්‍රිස්තු වර්ෂ 5-6 වන සියවස් අතර කාලයට අයත් වන මෙමම ලිපිය ලියවී ඇත්තේ පරිවර්තිත බ‍්‍රාහ්මී අක්ෂරයෙනි. පුරාණ සිංහල භාෂාව මෙහි දක්නට ලැබේ. කිසියම් ගමක වාසය කරන "කහදලනි" නම් තැනැත්තා වහල් බවින් (වහරල) මුදවන බව මෙම සෙල් ලිපියේ සඳහන් වේ.