• .
  • .
  • .
  • .
  • .
  • .

අඟුණකොළපෑලැස්ස පුරහල

 

අඟුණකොළපෑලැස්ස  බලප‍්‍රදේශයට මෙන්ම අවට ප‍්‍රදේශයන්ටද විශාල අඩුපාඩුවක්ව පැවති වඩාත් පහසුකම් සපිරි ශ‍්‍රවණාගාරයක අවශ්‍යතාවය සපුරාලමින් , ආර්ථික සංවර්ධන අමාත්‍යංශය යටතේ අන්තර් ගම්මාන සංවර්ධන නියමු ව්‍යාපෘතියේ ප‍්‍රථිපාදන මත අඟුණකොළපෑලැස්ස ප‍්‍රාදේශීය සභාව විසින් නවීනතම තාක්ෂණයෙන් යුත් අංග සම්පූර්ණ නගර ශාලාවක් ලෙස අඟුණකොළපෑලැස්ස පුරහල ඉදිකර ඇත.

 

ඉදිකිරීම් ආරම්භ කළ දිනය 2010.10.19
ව්‍යාපෘති දායකත්ව මුදල රුපියල් මිලියන 47.25
ප්‍රාදේශීය සභා දායකත්වය රුපියල් මිලියන 0.875
ජනතා අයිතියට පත් කළ දිනය 2013 පෙබරවාරි 01

ආසන 750කට අධික ප‍්‍රමාණයකින් යුත් මීටර් 50 x30 ක පමණ වපසරියක් ආවරණය වූ  විශාල ඉඩ පහසුකමකින් මෙන්ම, වාහන නැවැත්වීමේ පුළුල් ඉඩ පහසුකම්, ගොඩනැගිල්ල වටා පිහිටි සුවිසල් ආලින්දය,  නේපථ්‍යාගාර, ආපන ශාලා, කළමනාකරණ මැදිරි හා වර්ණාලෝක පද්ධති(color light), විශේෂ ශබ්ධ විකාශන පද්ධති, පුළුල් වේදිකා, දර්ශන තිර ආදි සියලු පහසුකම්වලින් අනූනව මෙම ගොඩනැඟිල්ල ඉදිකර ඇත.

 

ඕනෑම දිශාවක සිට පහසුවෙන් පිවිසිය හැකි අයුරින් නගර මධ්‍යයේ නිදහස් පරිසරයක ස්ථාපිත කර ඇති මෙම නගර ශාලාව  පොදු ජනතාවට විවිධාකාරයේ  අවශ්‍යතාවයන් සපුරා ගැනීමේ කදිම තෝතැන්නක් වනු ඇත.

 

අඟුණකොළපෑලැස්ස පුරහල මගින්  ලබාගත හැකි පහසුකම්:

 

1.     මානසික සුවය ඇති කිරීම හා රසඥතාවය වර්ධනය කරන මධ්‍යස්ථානයක්

  • වේදිකා නාට්‍ය
  • වීඩියෝ චිත‍්‍රපට
  • ප‍්‍රදර්ශන( චිත‍්‍ර ප‍්‍රදර්ශන. පොත් ප‍්‍රදර්ශන….. ආදිය)
  • කලා ප‍්‍රසංග

                      ►පෙර අපර දෙදිග නැටුම් ප‍්‍රසංග

                      ►ගෘහස්ථ සංගීත ප‍්‍රසංග

                      ►කළඑළි මංගල්‍ය

 

2.     දැනුම වර්ධනය කිරීමේ කේන්ද්‍රස්ථානයක්

  • දේශන
  • පුහුණු වැඩසටහන්
  • වැඩමුළු
  • ප‍්‍රදර්ශන
  • සම්මන්ත‍්‍රණ

3.     පොදු කටයුතු සඳහා එකතුවීම

  • තෑගි ප‍්‍රධානෝත්සව
  • සමිති
  • උත්සව

4.     වෙනත්

  • වෙළඳ සල්පිල්

අඟුණකොළපෑලැස්ස පුරහල සඳහා ගාස්තු අය කිරීම.

 

ශාලා පහසුකම් සඳහා (ශබ්ද විකාශන පද්ධතිය සහිතව)

 

නාට්‍ය, චිත‍්‍රපට, සංගීත සංදර්ශන, කලා ප‍්‍රසංග, අලෙවි ප‍්‍රවර්ධන වැඩ සටහන් 

- රු. 20000.00

මංගල උත්සව හා වෙනත් උත්සව සඳහා පෞද්ගලික වෙන් කර ගැනීම්         

- රු. 20000.00

සම්මන්ත‍්‍රණ, ප‍්‍රදර්ශන, සම්මුඛ පරීක්ෂණ, අධ්‍යාපන කටයුතු, දේශපාලන රැස්වීම්

- රු. 10000.00

 

ගාස්තු අය කිරීමකින් තොරව සිදු කරනු ලබන

 

අධ්‍යාපන කටයුතු සඳහා   

- රු.  8000.00

රාජ්‍ය ආයතනික වෙන් කිරිම් සඳහා              

- රු.  8000.00

   

අමතර පහසුකම් සඳහා  

 

ප්‍රොජෙක්ටරය සහ තිරය සඳහා           

- රු.  5000.00

වර්ණාලෝක පද්ධතිය සඳහා       

-  රු.  5000.00

   
  • එසේම ඉහත ගාස්තු සඳහා රජය විසින් පනවා ඇති 2%ක් වන ජාතිය ගොඩනැඟීමේ බද්ද අදාළ වන අතර, මීට අමතරව මේ සඳහා  රජය විසින් කලින් කලට පනවනු ලබන අනෙකුත් බදු ද අදාළ වේ
         
 

පුළුල් වේදිකා, දර්ශන තිර

   
             
         
 

අර්ධ වෘතාකාර ආසන පහසුකම්

   
             
         
 

ගොඩනැගිල්ල වටා පිහිටි සුවිසල් ආලින්දය

     
             
         
 

සනීපාරක්ෂක පහසුකම්

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023