• .
  • .
  • .
  • .
  • .
  • .

හැඳින්වීම

රටේ සංවර්ධනය ගමෙන් ආරම්භ කරමින් ප‍්‍රාදේශිය වශයෙන් දිස්ත‍්‍රීක්, පළාත් හා ජාතික තලය දක්වා පහළ සිට ඉහළට සංවර්ධනයේ අවශ්‍යතාවයන් ප‍්‍රජාව හා බද්ධ වෙමින් සහභාගිත්ව සංවර්ධන නව ප‍්‍රවේශය ඔස්සේ ක‍්‍රියාත්මක කිරීමේ වර්තමාන රජයේ දැක්ම මහින්ද චින්තනයයි.

 

ඊට සමගාමීව ප‍්‍රාදේශීය සංවර්ධන සඳහා ලැබෙන මුදල් යොදවා වෙන් වෙන්ව හුදකලාව පවතින ගම් යා කරමින් ගම්මාන තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මඟින් අධ්‍යාපනික, ආර්ථික, සාමාජීය හා සංස්කෘතික යන අංශ වලින් දියුණුවට පත් ප‍්‍රජාවක් බිහි කිරීම හා ප‍්‍රාදේශීය සභාව හා ප‍්‍රජාව අතර සබඳතා වර්ධනය කරමින් ප‍්‍රාදේශීය සභාව ශක්තිමත් කිරීම තුළින් ප‍්‍රජාවට සපයන සේවාවන් වඩාත් කාර්යක්ෂමව හා එලදායී ලෙස ඉටු කිරීමට හැකියාව ලබා දීම හා ප‍්‍රාදේශීය සභාව වඩා යහපාලිත ආයතනයක් වශයෙන් නඟා සිටුවීමට අවශ්‍ය සහයෝගය ලබා දීමේ අරමුණින් ගරු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැති තුමාගේ සංකල්පයකට අනුව නියමු ව්‍යාපෘතියක් වශයෙන් ප්‍රාදේශීය සභා අන්තර් ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

 

නියමු ව්‍යාපෘතියක් වශයෙන් 2008 වර්ෂයේදී මෙම වැඩ සටහන ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රි ලංකාවේ දිස්ත‍්‍රීක්ක හතරක් නියෝජනය කරමින් ප‍්‍රාදේශීය සභා 4ක් (හම්බන්තොට දිස්ත‍්‍රීක්කය - අඟුණකොළපෑලැස්ස, බදුල්ල දිස්ත‍්‍රීක්ය – පස්සර, මොණරාගල දිස්ත‍්‍රීක්කය – සියඹලාණ්ඩුව , රත්නපුර දිස්ත‍්‍රීක්කය – කුරුවිට) තෝරා ගත් අතර, අඟුණකොළපෑලැස්ස ප‍්‍රාදේශීය සභාවද ඉන් එකකි.

 

මේ වන විට ප්‍රාදේශීය සභා 11ක  මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක වේ.

 

මෙම  ව්‍යාපෘතිය යටතේ එක් ප්‍රාදේශීය සභාවකට රුපියල් මිලියන 210ක මුදලක් වෙන් වෙන් වන අතර රුපියල් මිලියන 10ක් ආයතක ශක්තිමත් කිරීමේ අරමුදල ලෙසත්, ඉතිරි මිලියන 200ක මුදල ප්‍රජාවගේ ජීවන තත්වය ඉහල නැංවීම ඉලක්ක කර ගනිමින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සදහාත් ලබාදෙනු ලැබේ.

 

මෙම වැඩසටහනෙහි සුවිශේෂී ලක්ෂණයක් වනුයේ ප්‍රාදේශීය සභාව හා ප්‍රජාව එක්ව ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, පසුවිපරම් කිරීම හා රැකබලාගැනීමයි.

 

නියමු ව්‍යාපෘතියක්  ලෙස අඟුණකොළපෑලැස්ස ප‍්‍රාදේශීය සභාවේ මෙම වැඩ සටහන 2008. 01. 09 වන දින ආරම්භ කරන ලද අතර මේ වන විට ව්‍යාපෘති කටයුතු ඉතාමත් සාර්ථකව නිමවෙමින් පවතී.

 

ප‍්‍රාදේශීය සභා අන්තර් ගම්මාන සංවර්ධන දැක්ම

 

"ගම් එකකට වඩා වැඩි ප‍්‍රමාණයක් සම්බන්ධ කෙරෙන ප‍්‍රවාහනය, සන්නිවේදනය, වෙළඳපොළ පහසුකම්, පොදු පහසුකම් සංවර්ධනය ආදිය තුළින් අපේ ගමේ  ප‍්‍රජාවට ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ, දිස්ත‍්‍රීක්කයේ හෝ රටේ අනිකුත් වෙළඳ පොළ වලට සහ සේවාවන් වලට ළඟා වීමට හැකියාව සහ ඒතුළින් ප‍්‍රජාව වෙත වඩාත් හොඳ ජීවන තත්ත්වයක් ලබා දීමයි."

 

ප‍්‍රාදේශීය සභා අන්තර් ගම්මාන සංවර්ධන වැඩ සටහනේ අරමුණු

 

ප්‍රජාව සහ ප‍්‍රාදේශීය සභාව එකට එක්වී බල ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම, පසුවිපරම් කිරීම සහා    රැකබලාගැනීම

ප්‍රාදේශීය සභා පනත වඩාත් ප්‍රයෝගිකව ක්‍රියාවට නැංවීම

අඩු පිරිවැයකින් වැඩි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කිරීම

ඉහත සියලු කටයුතු කාර්යක්ෂම ලෙස කිරීමට හැකිවන පරිදි ආයතනය ශක්තිමත් කිරීම

 

ප‍්‍රාදේශීය සභා අන්තර් ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක බල ප්‍රදේශ

 

 

ප‍්‍රාදේශීය සභා අන්තර් ගම්මාන සංවර්ධන ව්‍යාපෘතිය මගින් ලැබුණු සේවාවන්

 

ප‍්‍රජාවට වඩා හොඳ සේවයක් ඉටු කිරීම සඳහා ප‍්‍රාදේශීය සභාවේ කාර්යක්ෂමතාවය හා එලදායීතාවය වැඩි දියුණු වීම.

ප‍්‍රජාවගේ ජීවන තත්වය වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ට වඩාත් දැනෙන ව්‍යාපෘති හඳුනාගෙන ක‍්‍රියාත්මක කිරීමට හැකි වීම.

ග‍්‍රාමීය ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීමට බලපා ඇති බාධක ඉවත් කිරීම තුළින් ප‍්‍රජාවට ලැබෙන ප‍්‍රතිලාභ වැඩිවීම

♦ප‍්‍රවාහන පහසුකම් දියුණු වීම

♦ඉඩම්වල වටිනාකම ඉහළ යාම

♦ගොවි නිෂ්පාදන වෙළඳ පොළට ගෙන යාම පහසුවිම

♦අධ්‍යයන චාරිකා මඟින් අත්දැකීම් හුවමාරු කර ගැනීමට අවස්ථාව සැලසීමෙන් දැනුම වර්ධනය වීම

ගම්මාන අතර අන්තර් සබඳතා වැඩි දියුණු වීම

ප‍්‍රජා යෝජනා ලබා ගත හැකි විම නිසා ප‍්‍රාදේශීය සභාවේ සංවර්ධන කටයුතු වලදී ප‍්‍රජාවගේ දැවෙන ප‍්‍රශ්න සඳහා ප‍්‍රමුඛතාවය ලබා දිමට හැකි වීම

සභාව සතු සම්පත් නඩත්තු කිරීම ක‍්‍රමවත්ව නිසි කලට සිදු නොවූ අතර, නඩත්තු ඒකකය ස්ථාපිත කිරීම තුළින් එම කටයුතු ක‍්‍රමවත්ව සිදු වීම

 

අරමුදල් බෙදී යාම

 

 

වැඩසටහන ක්‍රියාත්මක  කිරීම

ප්‍රාදේශීය සභා පනතට අනුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 30%ක් සහ ප්‍රජා නියෝජිතයින් 70%කගෙන් සමන්විතව පිහුටුවාගත් ප්‍රාදේශීය සභා සංවර්ධන කමිටුව විසින් ඉහත අරමුදල් භාවිතා කර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි.

   
       
   
       

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023