ඓතිහාසික කසාගල රජ මහා විහාරය
වාස්තු විද්‍යාව
ප්‍රාකාරය
පූජනීය ගොඩනැඟිලි සංකිර්ණය ආවරණය වන පරිදි ඉදිකරන ලද ප්‍රාකාරය දිගින් සහ පළලින් පිළිවෙලින් අඩි 236 – 402 වේග උසින් අඩි 5 1/2කි. ප්‍රාකාරය හරහා බටහිර සහ නැගෙනහිර පාර්ශව වලින් ප්‍රවේශ දොරටු පිහිටා ඇත. පූජනීය ගොඩනැඟිලි සංකීර්ණයෙහි ඊශාන දිශානුගතව ස්තූපය පිහිටි පාෂාණ පර්වතය යා කරමින් බටහිර සහ උතුරු ප්‍රාකාර ඉදිකර තිබේ. මෙබඳු ප්‍රාකාර පුරාණ යුගයේ පටන් බෞද්ධ ආරාමික වාස්තු විද්‍යාව තුළ විශේෂ නිර්මාණ ලෙස සැළකේ.
ස්තූප
කසාගල පුරාණ විහාරයෙහි ඓතිහාසික හා පුරා විද්‍යාත්මක අගය වැඩි දියුණු කරනු ලබන වාස්තු විද්‍යා අංග අතරට එක් වන ස්තූප දෙකකි. ඉන් ප්‍රාකාරය ආශ්‍රිතව දක්නට ලැබෙන පාෂාණ උද්ගතය මත ඉදිවූ ස්තූපය විහාර භූමියේ උස් ස්ථානයේ පිහිටා ඇත. බෝධි ද්රාමයට ආසන්නව පිහිටි අනෙක් ස්තූපය දුටු ගැමුණු රජු සොහොයුරු සද්ධාතිස්ස රජු (කි‍්‍රස්තු පූර්ව 119 – 137) විසින් වටදාගෙයක් ලෙස ඉදිකරවන ලදැයි සැළකේ.
ඉපැරණි බෝධි ප්‍රාකාරය
පූජනීය බෞද්ධ අංගයක් වන බෝධි වෘක්ෂය ආවරණය වන පරිදි ප්‍රාකාර හෝ බෝධිකර ඉදිකිරීම බෞද්ධ වාස්තු විද්‍යාවේ විශේෂ අංගයකි. කසාගල විහාරයේ දෙසිත්එලරුහ බෝධීන් වහන්සේ වටා ගල්, ගඩොල් සහ හුණු බදාමයෙන් ඉදිකරන ලද ප්‍රාකාරය ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසට පමණ අයත් වේ. බෝධි ප්‍රාකාරය අසළ ඇති ඉපැරණි ගල් කුළුණු සමූහය දේවානම්පියතිස්ස රජු (ක්‍රිස්තු පූර්ව 236-207) විසින් කරවන ලදැයි සැළකෙන ඉපැරණි පිළිම ගෙයට අයත් නෂ්ටාවශේෂ වේ. කුඩා පිළිම ගෙයක මූලික සැළසුමට අයත් ඉපැරණි අංග එහි දෘෂ්‍යමාන වේ.