• .
  • .
  • .
  • .
  • .
  • .

වෙළඳ බලපත‍්‍ර

නීතිමය අධිකාරිය

 

1987 අංක 15 දරණ ප‍්‍රාදේශ්‍රීය සභා පනතේ සහ ඒ යටතේ සාධන ලද 1952 අංක 6 දරණ පළාත් පාලන  ආයතන (සම්මත අතුරු ව්‍යවස්ථා) පනතෙහි විධි විධාන වලට යටත්ව ව්‍යාපාරික ස්ථානය බල ප‍්‍රදේශය තුළ පවත්වාගෙන යාම

 

ඉදිරිපත් කල යුතු ලිපි ලේඛණ

 

  • නිවැරදිව සම්පූර්ණ කරන අයදුම්පත

බලපත‍්‍රය ලබා ගැනීමේ ක‍්‍රියාවලිය

 

  • ප්‍රාදේශීය සභාවට පැමිණ වෙළඳ බල පත‍්‍ර ලබා ගැනීමේ අයදුම් පත‍්‍රයක් ලබා ගෙන නිවැරදිව සම්පූර්ණ කර නැවත සභාවට භාර දිය යුතුය.

     

     

  • ඉන්පසු  සභාවේ නිළධාරීන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ ස්ථාන පරීක්ෂාවක් සිදු කරන අතර, අදාළ ව්‍යාපාරික ස්ථානය අදාළ නිර්නායකයන්ට අනුව පවත්වාගෙන ලබන්නේද යන්න සොයා බලයි.

     

     

  • අදාළ නිර්නායක සම්පූර්ණ කොට ඇත්නම් ප්‍රාදේශීය සභාව වෙත පැමිණ වෙළඳ බලපත‍්‍රය ලබා ගත යුතුයි.

     

     

  • අදාළ වර්ෂයේ මාර්තු 31වන විටත් වෙළඳ බලපත‍්‍රය ලබා ගැනීමට අපොහොසත් වන ව්‍යාපාරික ස්ථාන වලට අධිකරණ ක‍්‍රියා මාර්ග ගැනීමට සභාව ක‍්‍රියාකරනු ලබයි.

 

ගාස්තු අය කිරීම

ව්‍යාපාරික ස්ථානයේ වාර්ෂික වටිනාකම අනුව පහත සඳහන් පරිදි උපරිම සීමාවන්ට යටත්ව වෙළඳ බලපත‍්‍ර සඳහා ගාස්තු අය කරනු ලැබේ.

  • වාර්ෂික වටිනාකම රුපියල් 750.00 නොයික්මවන  අවස්ථාවක රුපියල් 500.00ක ගාස්තුවක් අයකරනු ලබයි.
  • රුපියල්  750.00 ඉක්මවන එභෙත්  රුපියල්1500.00 නොයික්ම වන  අවස්ථාවක රුපියල් 750.00ක ගාස්තුවක් අයකරනු ලබයි.
  • රුපියල්  1500.00 ඉක්මවන අවස්ථාවක රුපියල් 1000.00 ක ගාස්තුවක් අයකරනු ලබයි.
  • අදාළ වර්ෂයේ මාර්තු 31ට ප‍්‍රථම සතියේ දින වල පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා අදාළ බලපත‍්‍ර ගාස්තු ගෙවා බලපත‍්‍රය ලබා ගත හැකිය.

වෙළද බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම්පත්‍රය බාගත කරගන්න.

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023