අඟුණකොළපැලැස්ස ප්රාදේශීය සභා නිළ වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු
දක්ෂිණ ලංකාවේ හම්බන්තොට දිස්ත්රීක්කයේ අඟුණකොළපෑලැස්ස ප්රාදේශීය සභාව පිහිටා ඇත. අතිතයේ ගම්සභා පාලනයක් යටතේ පැවති මෙම බල ප්රදේශය ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ 1987 මැයි මස 12 වැනි අඟහරුවාදා දින අංක 453/ 13 දරණ අති විශේෂ ගැසට් පත්රයේ iv (ආ) කොටස පළාත් පාලනය පිළිබඳ නිවේදනයේ ප්රකාශිත පරිදි 1987 අංක 15 දරණ ප්රාදේශීය සභා පනත යටතේ 1988.01.01 දින අඟුණකොළපෑලැස්ස ප්රාදේශීය සභාව ස්ථාපිත කර ඇත. මෙහි ප්රථම ගරු සභාපති ධුරය හෙබවූයේ දේවක වීරසිංහ මැතිතුමන්ය. ආරම්භයේ සිට මේ දක්වා ගරු සභාපතිවරුන් 8දෙනෙකු යටතේ මෙම සභාව පාලනය වී ඇත. අඟුණකොළපෑලැස්ස ප්රාදේශීය සභාව නවීන තාක්ෂණයේ දියුණුවත් සමඟ සීග්රයෙන් සංවර්ධනයේ පෙර ගමනක් යමින් ජනතා මෙහෙවරට ඇප කැප වී මහජන සුභ සිද්ධිය උදෙසා ඉමහත් මෙහෙයක් ඉටු කරන ආයතනයකි.
ලේකම්තුමියගේ පණිවුඩය
පාලන තන්ත්රයේ ජනතාවගේ ළඟම මිතුරා වන්නේ පළාත් පාලන ආයතනයයි. අඟුණකොළපෑලැස්ස ප්රාදේශීය සභාව ද ජනතාවට සපයන සේවාවන් තව තවත් පුළුල් කරමින්, සුභ සාධනයේ හා සංවර්ධනයේ සමායෝජනයෙන් ඵලදායීමෙහෙවරක් ඉටු කිරීම කරා යන ගමනේ තව දුරටත්
අපගේ දැක්ම
ඵලදායි හා කාර්යක්ෂම ජනතා සේවයක් සපයන හොඳම පළාත් පාලන ආයතනය බවට පත්වීම.
අපගේ මෙහෙවර
සභා බල ප්රදේශයේ ජනතාවගේ සුභවාදී ආකල්ප මත, සුභ සාධනයේ හා සංවර්ධනයේ සමායෝජනයෙන් ඵලදායී හා ස්ථායීකරණ ආර්ථිකයක් කරා යාමට නිරන්තර දායකත්වය හා කැපවීම අපගේ මෙහෙවරයි!
විශේෂිත ස්ථාන
ඓතිහාසික කසාගල රජ මහා විහාරය
අඟුණකොළපෑලැස්ස ප්රාදේශීය සභා බල ප්රදේශයට අයත් කසාගල රජ මහා විහාරය රන්න වීරකැටිය මහා මාර්ගයේ රන්න හන්දියේ සිට කි.මි.9.6ක් පමණ දුරින් පිහිටා ඇත. අනුරාධපුර යුගයේ සිට ඉදිවී ඇති මෙම විහාරස්ථානය රාජ රාජ මහාමාත්යාධීන්ගේ නොමද පැසසුමට හා අනුග්රයට යොමු වූ සේම තව දුරටත්
සම්බන්ධීකරණ තොරතුරු
සභා කාර්යාලය 047-2228275 |
ගරු සභාපතිතුමා |
ලේකම්තුමිය 071-3443860 |
අඟුණකොළපෑලැස්ස ප්රාදේශීය සභාව, |