• .
  • .
  • .
  • .
  • .
  • .

නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීම

 

නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීමේ ගාස්තු

ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ

1.  නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත

2. ඔප්පුවේ හා සැළැස්මේ පිටපතක් සහිතව මුල් පිටපත්

 

නොපවරා ගැනීමේ  සහතිකය ලබා ගැනීමේ ක‍්‍රියාවලිය

1.  ප්‍රාදේශීය සභාවෙන් නොපවරා ගැනීමේ සහතිකයක් ලබා ගැනීම සඳහා ලිඛිත ඉල්ලිමක් කිරිම

2. නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම් පත සමඟ ඔප්පුවේ පිටපත, මිනින්දෝරු සැළැස්ම (පිඹුර) ප්‍රාදේශීය සභාව ලබා දීම

3. ආදායම් පරිපාලක වාර්තාව සහ තාක්ෂණ සේවා නිළධාරී සහතිකය

4. ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් නොපවරා ගැනීමේ සහතිකය නිකුත් කිරීම

 

ගාස්තු අය කිරීම

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව විසින් නොපවරා ගැනීමේ සහතිකයක් නිකුත් කිරීම වෙනුවෙන් රුපියල් 500.00ක සහතිකපත් ගාස්තුවක් හා රුපියල් 9.00 ජාතිය ගොඩනැඟීමේ බදු වශයෙන් රුපියල් 509.00ක ගාස්තුවක් අය කරනු ලැබේ. 

 

පවරා නොගැනීමේ හා වීථීරේඛා දැක්වෙන සහතිකයක් ලබා ගැනීම සඳහා වූ අයදුම් පත්‍රය බාගත කර ගන්න.

  

最終更新日: 12月 15, 2023