ගොඩනැඟිලි අයදුම් පත්‍ර
නීතිමය අධිකාරිය
-
අදාළ ප‍්‍රදේශය 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 3වන වගන්තිය යටතේ “නාගරික සංවර්ධන ප‍්‍රදේශයක් ” ලෙස ප‍්‍රකාශයට පත් කොට ඇත්නම් එම ප‍්‍රදේශය 1978 අංක 41 දරණ නාගරික සංවර්ධන අධිකාරිය පනතේ II (අ) කොටස අදාළ වේ.
-
1986 මාර්තු 10 දිනැති අංක 392/9 දරණ විශේෂ ගැසට් පත‍්‍රය මඟින් අමාත්‍යවරයා විසින් පනවන ලද නියමයන්.
- අදාළ ප‍්‍රදේශය 1978 අංක 41 දරන නාගරික සංවර්ධන අධිකාරිය පනතේ 3වන වගන්තිය යටතේ “නාගරික සංවර්ධන ප‍්‍රදේශයක් ” ලෙස ප‍්‍රකාශයට පත් කොට නොමැති නම් 1915 නිවාස හා නගර සංවර්ධන පනතේ 5 හා 6 වගන්ති අදාළ වේ.
ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන
-
නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම් පත
-
ගොඩනැඟිලි සැළැස්මේ පිටපත් තුනක් (නිල් පිටපත්) Blue Print
-
ඔප්පුවේ, බලපත‍්‍රයේ හෝ අයිතිය සනාථ කිරීමේ පිළිගතහැකි නීත්‍යානුකූල ලියවිල්ලක්
-
මිනින්දෝරු සැළැස්මේ පිටපතක් (පිඹුර)
-
අනුබෙදුමක් කිරීමේ සම්පූර්ණ කරන ලද අයදුම් පත
(පර්චස් 6ට අඩුවෙන් කැබලි නොකළ යුතුය. භෙක්ටයාර් 0.5ට වැඩි අනුබෙදුමකදී ගෘහ නිර්මාණ ශිල්පියෙකු සහතික කළ යුතුය)
බලපත‍්‍රය ලබා ගැනීමේ ක‍්‍රියාවලිය
-
ගොඩනැඟිලි බල පත‍්‍රය සඳහා අයදුම් පත‍්‍රයක් ලබා ගැනීම
-
නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම් පත අදාළ ලිපි ලේඛණ සහිතව අදාළ නිළධාරියා වෙත භාර දීම
-
ඉදිරි කටයුතු කිරීම සඳහා ගාස්තුවක් අය කිරීම
-
අයදුම් පත ලියාපදිංචි කිරීම
-
තාක්ෂණික නිළධාරී විසින් ක්ෂේත‍්‍ර නිරීක්ෂණය සිදු කිරීම
-
තාක්ෂණික නිළධාරී විසින් නිර්දේශ කිරීම
-
මහජන සෞඛ්‍ය පරීක්ෂකගේ වාර්තාව ලබා ගැනීම
- සැළසුම් කරණ කමිටුව වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම
-
ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් බලපත‍්‍රය නිකුත් කිරීම
ගාස්තු අය කිරිම
ගොඩනැඟලි බලපත‍්‍ර අයදුම් පත‍්‍රයක් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ප්‍රාදේශීය සභාව විසින් අය කරනු ලබන ගාස්තු පහත පරිදි වේ. අයදුම් පත‍්‍ර ගාස්තුව රුපියල් 500.00කි.
බිම් ප‍්‍රදේශය (වර්ග මීටර් ) |
පදිංචිය සඳහා වන ගොඩනැඟිල්ලක් සඳහා රුපියල් |
වානිජ හෝ වෙනත් ගොඩනැඟිල්ලක් සඳහා රුපියල් |
---|---|---|
45 ට අඩු | 500.00 | 1000.00 |
46-90 | 1500.00 | 2000.00 |
91-180 | 2500.00 | 3000.00 |
181-270 | 3500.00 | 4000.00 |
271-450 | 4500.00 | 6000.00 |
451-675 | 5500.00 | 8000.00 |
676-900 | 6500.00 | 10000.00 |
901-1225 | 7500.00 | 12000.00 |
1225 වැඩි | 7500.00 | 12000.00 |
ගොඩනැඟිලි බලපත‍්‍රයක වලංගු භාවය
වසරක කාලයකි. 1978 අංක 41 දරණ නාගරික සංවර්ධ අධිකාරිය පනතේ 10 (6) නියමයට අනුව ගොඩනැඟලි බලපත‍්‍රය වසර 2ක කාලයක් දක්වා දීර්ඝ කල හැක.