• .
  • .
  • .
  • .
  • .
  • .

දකුණු පළාත් ප්‍රධාන ලේකම් තුමිය අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාවේ අන්තර් ගම්මාන නියමු ව්‍යාපෘතියේ සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවක………

2014.06.17 වන දින දකුණූ පළාත් ප්‍රධාන ලේකම් තුමිය, හම්බන්තොට දිස්ත්‍රීක් පළාත් පාලන සහකාර කොමසාරිස් තුමා ඇතුලු කණ්ඩායමක් අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව මඟින් ක්‍රියාත්මක කරන ලද අන්තර් ගම්මාන සංවර්ධන නියමු ව්‍යාපෘතිය යටතේ සිදු කරන ලද සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි අතර, ඉදිකරන ලද මාර්ග හා අඟුණකොළපෑලැස්ස පුරහල , විද්‍යුත් පුස්තකාලය නිරීක්ෂණය කරන ලදී. එහිදී අඟුණකොළපෑලැස්ස පුරහල එතුමියගේ විශේෂ අවධානයට යොමු විය. අනතුරුව දැනට ඉදිවෙමින් පවතින පාලම් ඉදිකිරීම් කටයුතු ද නිරීක්ෂණය කරන ලදී. මේ සඳහා අඟුණකොළපෑලැස්ස ප්‍රදේශීය සභාවේ ගරු සභාපති තුමා, ලේකම් තුමා, ප්‍රාදේශීය සභා කාර්යය මණ්ඩලය සහ අන්තර් ගම්මාන ව්‍යාපෘති කාර්යය මණ්ඩලයද සහභාගී විය.


අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023