• .
  • .
  • .
  • .
  • .
  • .

සේවා ගාස්තු

 

නොපවරා ගැනීමේ සහතික නිකුත් කිරීමේ ගාස්තු

ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛණ

 

  1. නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම්පත
  2. ඔප්පුවේ හා සැළැස්මේ පිටපතක් සහිතව මුල් පිටපත්

 

නොපවරා ගැනීමේ  සහතිකය ලබා ගැනීමේ ක‍්‍රියාවලිය

 

  • ප්‍රාදේශීය සභාවෙන් නොපවරා ගැනීමේ සහතිකයක් ලබා ගැනීම සඳහා ලිඛිත ඉල්ලිමක් කිරිම
  • නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම් පත සමඟ ඔප්පුවේ පිටපත, මිනින්දෝරු සැළැස්ම (පිඹුර) ප්‍රාදේශීය සභාව ලබා දීම
  • ආදායම් පරිපාලක වාර්තාව සහ තාක්ෂණ සේවා නිළධාරී සහතිකය
  • ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් නොපවරා ගැනීමේ සහතිකය නිකුත් කිරීම

 

ගාස්තු අය කිරීම

 

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව විසින් නොපවරා ගැනීමේ සහතිකයක් නිකුත් කිරීම වෙනුවෙන් රුපියල් 500.00ක සහතිකපත් ගාස්තුවක් හා රුපියල් 9.00 ජාතිය ගොඩනැඟීමේ බදු වශයෙන් රුපියල් 509.00ක ගාස්තුවක් අය කරනු ලැබේ. 

 

 

පාරවල් පළුදු කිරීමේ ගාස්තු

අඟුණකොළපෑලැස්ස  ප්‍රාදේශීය සභා මහා සභා රැස්වීමේ තීරණය වූ යෝජනා සම්මුතියකට අනුව ප්‍රාදේශීය සභාව සතු මාර්ග පළුදු කිරීම වෙනුවෙන් ගාස්තු අය කරනු ලබයි.

 

කළයුතු කාර්යයන් 

 

  1. මාර්ගය පළුදු වන ප‍්‍රමාණය සඳහන් කරමින් ජල සම්පාදන මණ්ඩලය මඟින් ප්‍රාදේශීය සභාව වෙත ඉදිරිපත් කරන ලිපිය ප්‍රාදේශීය සභාව වෙත භාර දිය යුතුය.
  2. සභාවේ තාක්ෂණ නිළධාරී විසින් ස්ථාන පරීක්ෂාවක් සිදු කොට එය නිර්දේශ කිරීමෙන් අනතුරුව ප‍්‍රාදේශිය සභාව විසින් මාර්ග පළුදු වන ප‍්‍රමාණයට ගාස්තු අය කරනු ලබන අතර, ඒ බැව් දන්වා ජල සම්පාදන මණ්ඩලය වෙත ලිපියක් ඉදිරිපත් කරනු ලබයි.

 

 

 

 

最終更新日: 12月 15, 2023