• .
  • .
  • .
  • .
  • .
  • .

අඟුණකොළපැලැස්ස ප්‍රාදේශීය සභා නිළ වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු

 

දක්ෂිණ ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව පිහිටා ඇත. අතිතයේ ගම්සභා පාලනයක් යටතේ පැවති මෙම බල ප්‍රදේශය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1987 මැයි මස 12 වැනි අඟහරුවාදා දින අංක 453/ 13 දරණ අති විශේෂ ගැසට් පත්‍රයේ iv (ආ) කොටස පළාත් පාලනය පිළිබඳ නිවේදනයේ ප්‍රකාශිත පරිදි 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ 1988.01.01 දින අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව ස්ථාපිත කර ඇත.

 

මෙහි ප්‍රථම ගරු සභාපති ධුරය හෙබවූයේ දේවක වීරසිංහ මැතිතුමන්ය. ආරම්භයේ සිට මේ දක්වා ගරු සභාපතිවරුන් 8දෙනෙකු යටතේ මෙම සභාව පාලනය වී ඇත. අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව නවීන තාක්ෂණයේ දියුණුවත් සමඟ සීග්‍රයෙන් සංවර්ධනයේ පෙර ගමනක් යමින් ජනතා මෙහෙවරට ඇප කැප වී මහජන සුභ සිද්ධිය උදෙසා ඉමහත් මෙහෙයක් ඉටු කරන ආයතනයකි.

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023