• .
  • .
  • .
  • .
  • .
  • .

හැඳින්වීම

දක්ෂිණ ලංකාවේ හම්බන්තොට දිස්ත්‍රීක්කයේ අඟුණකොළපැලස්ස ප්‍රාදේශීය සභාව පිහිටා ඇත. අතිතයේ ගම්සභා පාලනයක් යටතේ පැවති මෙම බල ප්‍රදේශය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1987 මැයි මස 12 වැනි අඟහරුවාදා දින අංක 453/ 13  දරණ ඇති විශේෂ ගැසට් පත්‍රයේ  iv (ආ) කොටස පළාත් පාලනය පිළිබඳ නිවේදනයේ ප්‍රකාශිත පරිදි 1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනත යටතේ 1988.01.01 දින අඟුණකොළපැලස්ස ප්‍රාදේශීය සභාව ස්ථාපිත කර ඇත. මෙහි ප්‍රථම ගරු සභාපති ධුරය හෙබවූයේ දේවක වීරසිංහ මැතිතුමන්ය. ආරම්භයේ සිට මේ දක්වා ගරු සභාපතිවරුන් 8 දෙනෙකු යටතේ මෙම සභාව පාලනය වී ඇත. වර්තමාන ගරු සභාපති ලෙස ගාමිණී වීරබද්ධන මැතිතුමා කටයුතු කරනු ලබන අතර ලේකම් ධුරය ආර්.එම්.සී.වැලිවිහාරේ මහත්මිය විසින් හොබවනු ලබයි. දැනට සේවයේ නියුතු කාර්යය මණ්ඩලය 65කි.

 

පාලන තන්ත‍්‍රයේ ජනතාවගේ ළඟම මිතුරා වන්නේ පළාත් පාලන ආයතනයයි. දෛනික ජීවිතයේ බොහෝ ක‍්‍රියාවලින් සඳහා මහජනතාවට අපගේ සේවය අත්‍යාවශ්‍ය වේ. ඒ අනුව අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව වන අප, අප වෙත පැවරී ඇති  ව්‍යවස්ථාපිත බලතල වලට අනුව කාර්යය හා යුතුකම් ඉටු කිරීමේදි එළඹෙනු ලබන ප‍්‍රථිපත්ති හා තීරණ නිසියාකාරව අප‍්‍රමාදව හා අර්ථවත්ව ඉටු කිරීම සඳහා හැකි සෑම ප්‍රයත්නයක්ම දරයි. සභා බල ප‍්‍රදේශයේ ජනතාවගේ සුභවාදී ආකල්ප මත සුභ සාධනයේ හා සංවර්ධනයේ සමායෝජනයෙන් එලදායි හා ස්ථායීකරණ ආර්ථිකයක් කරා යාමට නිරන්තර දායකත්වය හා කැපවිම අපගේ කාර්යය භාර්යය වේ.

 

 

 

කොඩිය  
 
   
ලාංඡනය  
 

 

 

අපගේ දැක්ම

 

ඵලදායි හා කාර්යක්ෂම ජනතා සේවයක් සපයන හොඳම පළාත් පාලන ආයතනය බවට පත්වීම.

 

අපගේ මෙහෙවර

 

සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සුභවාදී ආකල්ප මත, සුභ සාධනයේ හා සංවර්ධනයේ සමායෝජනයෙන් ඵලදායී හා

ස්ථායීකරණ ආර්ථිකයක් කරා යාමට නිරන්තර දායකත්වය හා කැපවීම අපගේ මෙහෙවරයි!

 

 

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023