• .
  • .
  • .
  • .
  • .
  • .

සෞඛ්‍ය සේවා

  1. ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය

     

     

    • කසළ එකතු කිරීම
    • කසළ වෙන් කිරීම
    • දිරායන අපද්‍රව්‍ය භාවිතයෙන් කාබනික පොහොර සෑදීම
    • දිරා නොයන අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය සඳහා යොමු කිරීම
    • ඉතිරිය සනීපාරක්ෂක බිම් පිරවුමකට යොමු කිරිම

       

       

       

  2. රෝග වැලැක්වීම

     

     

    • ලෙඩ රෝග වැලැක්වීම සඳහා නිති රීති ක‍්‍රියාත්මක කිරීම, වෙළඳ ව්‍යාපාරික ස්ථාන ආදිය විධිමත් කිරීම හා විමධ්‍යගත පාලනය
    • ජලභීතිකා රෝග නාශක වැඩසටහන් පවත්වාගෙන යාම, අයාලයේ යන සුනකයින් හා සුරතලයට ඇති කරන සුනඛයින් එන්නත් කිරීම හා සුනඛ වන්ධ්‍යාකරණ වැඩ සටහන් සඳහා සහාය දැක්විම.
    • දිරායන අපද්‍රව්‍ය භාවිතයෙන් කාබනික පොහොර සෑදීම
    • දිරා නොයන අපද්‍රව්‍ය ප‍්‍රතිචක‍්‍රීකරණය සඳහා යොමු කිරීම
    • ඉතිරිය සනීපාරක්ෂක බිම් පිරවුමකට යොමු කිරිම

       

       

  3. ආහාර හා සනීපාරක්ෂාව

     

     

    • ආහාර පනත හා ඹෟෂධ පනත ක‍්‍රියාත්මක කිරීම හා ආහාර පිළීබඳ සෞඛ්‍ය කටයුතුවලට අයත්   හෝටල්, තේ කඩ, බත් කඩ බේකරි සහ අපි‍්‍රය හා අන්තරාදායක වෙළඳාම යටතේ වන අතුරු ව්‍යවස්ථා ක‍්‍රියාවේ යෙදවීම
    • බල ප‍්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සමග ඒකාබද්ධව වෙළඳ සම්මන්ත්‍රණ පවත්වා වෙළඳුන් දැනුවත් කිරීම
    • මහජන සති වෙළඳපොළවල අළෙවි කරනු ලබන ආහාර ද්‍රව්‍ය පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා සෞඛ්‍ය නිළධාරීන් දැනුවත් කිරීම හා අවශ්‍ය සහාය ලබා දීම
    • ගෝ ඝාතක ආඥාපනත ක‍්‍රියාත්මක කිරීම

       

       

       

  4. රෝග වැලැක්වීම

     

     

    • ප්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ සහ සති පොළවල එකතු වන වීථි  කසළ එක්රැස් කිරීම, ඒවා ක‍්‍රමවත්ව කසළ බැහැර කරන ස්ථානවලට රැස් කීරීම හා කාණු පිරිසිදු කිරීම
    • පොදු වැසිකිලි ඉදි කිරීම හා විධිමත්ව පවත්වාගෙන යාම, වැසිකිලි වලවල් පිරී යාමේ දී මළ ඉවත් කිරීම
    • ජල මුද්‍රිත වැසිකිලි භාවිතා කිරීමට මහජනතාව පෙළඔවීම සහ රජයේ ව්‍යපෘති හෝ රාජ්‍ය නොවන ව්‍යාපෘති මගින් වැසිකිලි ඉදි කිරීමට අවශ්‍ය දෑ සැපයීම  ප‍්‍රධාන කාර්යයන් අතර වේ

       

       

       

  5. පාරිසරික සෞඛ්‍ය

     

     

    • පරිසර දූෂණ ගැන සොයා බැලීම
    • පාරිසරික ආරක්ෂණ බලපත‍්‍ර නිකුත් කිරීම
    • පරිසර දූෂණ ප‍්‍රශ්න සඳහා නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම
    • මහජන පැමිණීළි සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම

       

       

       

  6. වෙනත් සෞඛ්‍ය සේවා

     

    • සෞඛ්‍ය සායන(මාතෘ සායන, ළදරු සායන) පැවැත්වීම
    • ගංවතුර, නියඟය වැනි ව්‍යසනයන් අවස්ථාවලදී බෝවන රෝග වැලැක්වීමට අවශ්‍ය පියවර ගැනීම.
    • සෞඛ්‍යයට සම්බන්ධ ජාත්‍යන්තර දිනයන් හි දී වැඩසටහන වත්වාගෙන යාමට අවශ්‍ය සහාය ලබා දීම.
    • නගරයේ සෞඛ්‍ය ආරක්ෂාවන පරිදි නගරයේ මියයන සතුන්ගේ සිරුරු සහ අනාථ වූවන්ගේ මළ සිරුරු වෙතොත් ඒවා භූගත කිරීම් ආදී කටයුතු.

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023