• .
  • .
  • .
  • .
  • .
  • .

විද්‍යුත් පුස්තකාලය

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව  විසින්   ජනතාව වෙත සපයනු ලබන තවත්  සේවාවක් ලෙස, නවින තාක්ෂණය හා මුසුව බල ප‍්‍රදේශයේ දරුවන්ගේ අධ්‍යාපනික මට්ටම වඩාත් ඉහළ දැමීමේ අරමුණ පෙරදැරිව විද්‍යුත් පුස්තකාලය  ස්ථාපිත කර ඇත.

 

මෙම පුස්තකාල මඟින් පරිඝණක භාවිතා කරමින් නවීන තොරතුරු තාක්ෂණ ක‍්‍රමවේදයන් ඔස්සේ පොත පතෙහි පවත්නා දැනුම  හා අන්තර්ජාලයෙන් එක්රැස් කර ගත හැකි දැනුම කාර්යක්ෂමව හා නිවැරදිව ලබා ගැනීමට පාඨකයින්ට මංපෙත් විවර කරයි.  මෙහි විද්‍යුත් සගරා, අධ්‍යාපනික වටිනාකමක් ඇති වීඩියෝ වාර්තා වැඩසටහන්, විත්‍රපටි, නාට්‍ය හා විවිධ සිතියමි වර්ග ආදියද ඔබේ පරිහරණය සදහා තබා ඇත.මෙහි විශේෂත්වය වන්නේ මෙහි ඇත්තේ සාමාන්‍ය කඩදාසි සහිත පොත් පත් නොවීමයි. මෙහි ඇති බහුමාධ්‍ය පොත්පත් ඔබ කියවිය යුත්තේ පරිගණක තිරයේය.

 

අඟුණකොළපෑලැස්ස බල ප‍්‍රදේශයේ ජීවත් වන කෘෂිකර්මාන්තය ප‍්‍රධාන ජීවනෝපාය මාර්ගය කර ගත් ගැමි ජනතාවගේ දරුවන් හට නව තාක්ෂණික ක‍්‍රමවේදයන් ළඟා නොවිම හේතුවෙන් නව ලොව හා තරඟකාරී අධ්‍යාපන රටාවට අවතීර්ණ වීමට ඇති බාධක ඉවත් කිරීම මෙහි ප‍්‍රධාන අරමුණයි.

 

අඟුණකොළපෑලැස්ස බල ප‍්‍රදේශයේ පාඨකයින්ට විශේෂයෙන් පාසල් දරුවන් හා උසස් අධ්‍යාපනය හදාරමින් සිටින සිසුන්ට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේදි විෂමතාවයන්ට ලක් නොවී නවින තාක්ෂණික ක‍්‍රමවේදයන් අනුසාරයෙන් දැනුම ලබා ගැනිම සඳහා  තුළින්  ඔවුනගේ අධ්‍යාපනික අභිලාෂයන් සපුරා ගැනීමට අතහිත දීම මෙහි ප‍්‍රමුඛතම අරමුණ වේ. එමඟින්  හෙට බිහිවන පරපුර දැනුමෙන්, බුද්ධියෙන්  පරිපූර්ණ ප්‍රජාවක් ලෙස ලෝකයට දායාද කිරීම අපගේ අභිප‍්‍රායයි.

 

 

ආරම්භය

අඟුණකොළපෑලැස්ස විද්‍යුත් පුස්තකාලය 2013 පෙබරවාරි මස 01වන දින ආරම්භ කරන ලදී.

 

 

පිහිටිම

අඟුණකොළපෑලැස්ස පුරහල භූමියේ පිහිටා ඇත.

 

 

ඔබට සපයන සේවාවන්

මේ යටතේ විද්‍යුත් පුස්තකාලය පරිහරණය කරන පාර්ශවයන්ට පහත පහසුකම් සලසයි

 

♦ විද්‍යුත් පොත් පත් පරිහරණය

♦ බහු මාධ්‍ය විශ්වකෝෂ පරිහරණය

♦ ස්වංක්‍රිය අධ්‍යාපන වැඩ සටහන්

♦ අධ්‍යාපනික විඩියෝ දර්ශන විඩියේ චිත්‍රපටි නාට්‍ය පරිහරණය

♦ සිතියම් පිලිබද අධ්‍යන වැඩසටහන්

 

අඟුණකොළපෑලැස්ස විද්‍යුත් පුස්තකාලයේ සාමාජික ගාස්තුව ලෙස එක් අයෙකුගෙන් එක් මසක් වෙනුවෙන් අය කරනුලබන්නේ රු.50.00ක මුදලක් පමණි.

 

     
           
       
       
         
           

 

විද්‍යුත් පුස්තකාලය පිළිබඳ  විස්තර සඳහා විමසන්න  047 – 4937092  / 047 – 4937093

 

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාවට අයත් විද්‍යුත් පුස්තකාලයේ  සාමාජිකත්වය ලබා ගැනීම සඳහා වූ අයදුම්පත්‍රය බාගත කර ගන්න.

අවසන් යාවත්කාලීන කිරීම : අගෝස්තු 22, 2017