• .
  • .
  • .
  • .
  • .
  • .

මහජන සති පොළ

අඟුණකොළපැලැස්ස සහ දෙබොක්කාව මහජන සති වෙළඳ පොළ අඟුණකොළපැලැස්ස සභාවට ඇති ප‍්‍රධානතම ආදායම් උත්පාදන මාර්ගය වේ.මෙම පොළ ද්විත්වයෙහි, වාර්ෂිකව ප‍්‍රසම්පාදන ක‍්‍රමවේදයට අනුව බදු අය කිරීමේ අයිතිය බාහිර පාර්ශ්වයන් වෙත ලබා දීමට කටයුතු කරයි.

 

ප‍්‍රදේශයේ ජනතාවගෙන් වැඩි ප‍්‍රතිශතයක් එනම් 70%ක් පමණ ජනතාව කෘෂිකර්මාන්තය මත යැපීමේ තත්වයක් දැකිය හැකිය. වි ගොවිතැන ප‍්‍රමුඛ කොට ගත් එළවළු, පළතුරු හා හේන් ගොවිතැන ජනතාවගේ මුලික ජීවනෝපාය මාර්ග බවට පත්ව ඇති අඟුණකොළපැලැස්ස බල ප‍්‍රදේශයේ ජනතාව විසින් නෙළා ගන්නා එළවළු, පළතුරු හා ධාන්‍ය අස්වැන්න ප‍්‍රධාන නගරයේ පිහිටි අඟුණකොළපැලැස්ස මහජන සති පොළ සඳහා ගෙන එන අතර, දෙබොක්කාව ප‍්‍රදේශයේ පිහිටි සති පොළ සඳහාද පිරිසක් ඇදි යයි.

 

අඟුණකොළපැලැස්ස මහජන සතිපොළ

අඟුණකොළපැලැස්ස නගරය අවට ජනතාව තමා විසින් නිශ්පාදනය කරන ලද ගොවි අස්වැන්න අලෙවි කර ගැනීමටත් එදිනෙදා ජීවනෝපාය  පවත්වාගෙන යාමට අවශ්‍ය බඩු, භාණ්ඩ ලබා ගැනීම සඳහාත් සංක‍්‍රමණය වනුයේ අඟුණකොළපැලැස්ස සති පොළ සඳහාය.  අඟුණකොළපැලැස්ස නගරය කේන්ද්‍ර කර ගනිමින් සතිපොළෙහි සිල්ලර පොළ 02ක් (ඉරිදා, බදාදා) හා තොග පොළ 02ක් (අඟහරුවාදා, සෙනසුරාදා) වශයෙන් පැවැත්වේ.  ප‍්‍රදේශයේ ගොවි ජනතාව හා වෙළඳ ප‍්‍රජාව හැරුණු විට ප‍්‍රදේශයෙන් තොග වශයෙන් ගොවි නිෂ්පාදන රැගෙන යාම සඳහාද වෙළෙන්දන් පිරිසක් පැමිණෙති.  අඟුණකොළපැලැස්ස මහජන සති පොළ වෙළඳුන් 600ක් පමණකින්ද , වෙළඳ කුටි 450කින්ද, රෙදිපිළි අලෙවිය සඳහාවන වෙළඳසැල්  12කින්, සහ සභාව විසින් මාසිකව බදු අයකරගන්නා කඩ කාමර 10කින් හා ආපන ශාලාවකින්ද සමන්විත වේ. තවද පොළ ආශි‍්‍රත වෙනත් ආදායම් මාර්ග ලෙස පොළ ආශි‍්‍රත රථ ගාල බදු අය කර ගැනීමද සඳහන් කළ යුතුය.

 

දෙබොක්කාව මහජන සතිපොළ

දෙබොක්කාව මහජන සතිපොළෙහි තොග පොළ සෑම සතියකම බදාදා දිනයේ උදෑසන 4.00ටද  සිල්ලර පොළ සෑම සතියකම  බ‍්‍රහස්පතින්දා දිනයේද  පැවැත්වේ.  දෙබොක්කාව මහජන සති පොළ වෙළඳුන් ගණන 450ක් පමණකින්ද, සභාව විසින් මාසිකව බදු අයකරගන්නා කඩ කාමර 4කින් ද සමන්විත වේ. වර්ග මීටර් 500ක පමණ භූමි ප්‍රදේශයක මෙම පොළ පවත්වාගෙන යනු ලබයි.

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023