• .
  • .
  • .
  • .
  • .
  • .

මහජන පුස්තකාල

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව  විසින්   ජනතාව වෙත සපයනු ලබන තවත්  සේවාවක් ලෙස මහජන පුස්තකාල පවත්වාගෙන යනු ලබන අතර, මෙම සේවාව මගින් මහජනතාවට පොත් පත්, වාර සඟරා , පුවත්පත් ආදිය පහසුවෙන් කියවීමට හා බැහැර ගෙන යාමට පහසුකම් සපයනු ලැබේ. එමගින්  හෙට බිහිවන පරපුර දැනුමෙන්, බුද්ධියෙන්  පරිපූර්ණ ප්‍රජාවක් ලෙස ලෝකයට දායාද කිරීම අපගේ අරමුණයි.

 

  • අඟුණකොළපෑලැස්ස මහජන පුස්තකාලය
  • කසාගල මහජන පුස්තකාලය
  • තලාව මහජන පුස්තකාලය

 

පුස්තකාල පොත් බැහැර දීම

  • පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගෙන බැහැරට පොත් ගෙන යෑමේදී පොත පරිහරණය කිරීම සඳහා සති දෙකක කාලයක් ලබා දෙන අතර,  සති දෙක ඉක්මවිමට පෙර එම කාලය තවත් සතියක් දක්වා දීර්ඝ කර ගත හැකිය.
  • සති දෙක ඉක්ම යන තෙක් පොත භාර දීමට අපොහොසත් වුවහොත් ඉන් පසු ගත වන සෑම දිනයක් සඳහාම ශත 50ක මුදලක් අය කරනු ලැබේ.
  • සාමාජිකත්වය ලබා ගත් අයෙකු අතින් ලබා ගත් පොතක් නැතිවීමේදී හෝ පොත විනාශ වීමක් සිදු වුව හොත් එම පොතෙහි වර්තමාන වටිනාකම මෙන් 125%ක මුදලක් හෝ එම පොත ගෙන්වා දිම සිදු කළ යුතුය.

පුස්තකාල සාමාජික ගාස්තු

විස්තරය සාමාජික ගාස්තුව
පාසල් ළමුන් සඳහා (සියලු බදු ඇතුලත්ව)

රු.158.00

වැඩිහිටියන් සඳහා (සියලු බදු ඇතුලත්ව)

රු.158.00

සාමාජික අයදුම්පත‍්‍ර

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාවට අයත් පුස්තකාල වල සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අයදුම්පත‍්‍ර බාගත කර ගන්න.

 

විස්තර සඳහා විමසිම් :-  ප‍්‍රජා සංවර්ධන නිළධාරී – ඊ.වී.ජී.කේ. එරන්දි මිය

                                    දුරකතන අංක :- 047-2228275

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023