• .
  • .
  • .
  • .
  • .
  • .

බදු අය කිරීම

අඟුණකොළපෑලැස්ස  ප්‍රාදේශීය සභාව විසින් බල ප්‍රදේශයේ ජනතාවගෙන් පහත පරිදි බදු අය කරනු ලබයි.

 

කර්මාන්ත බදු

අවශ්‍ය මූලික සුදුසු කම්

බල ප‍්‍රදේශය තුළ කර්මාන්තයක් පවත්වාගෙන යාම

 

නිර්නායක

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 150 වන වගන්තිය ප‍්‍රකාරව බල ප‍්‍රදේශය තුළ අදාළ කර්මාන්තය  පවත්වාගෙන යාම.

 

කළ යුතු කාර්යයන්

  • කර්මාන්ත බද්ද ගෙවිමට යටත් තැනැත්තෙකුගෙන්  එම බද්ද ගෙවන ලෙස ප්‍රාදේශීය සභාව විසින් ඉල්ලා සිටිමෙන් පසුව දින 7ක් ඇතුළත අදාළ බදු මුදල් ප්‍රාදේශීය සභාව වෙත ගෙවිය යුතු අතර, ගෙවීම පැහැර හැරියහොත්  ප්‍රාදේශීය සභා ලේකම් වරයා විසින් එම පැහැර හැරීම සම්බන්ධව අධීකරණ ක‍්‍රියාමාර්ග ගනු ලබයි.

 

වැය වන මුදල

කර්මාන්තය පවත්වාගෙන යනු ලබන ස්ථානයේ වාර්ෂික වටිනාකම අනුව පහත සඳහන් පරිදි උපරිම සීමාවන්ට යටත්ව වෙළඳ බලපත‍්‍ර සඳහා ගාස්තු අය කරනු ලැබේ.

 

වාර්ෂික වටිනාකම   බදු මුදල රුපියල්
රුපියල් 750.00 නොයික්මවන  අවස්ථාවක 500.00
750.00 ඉක්මවන එභෙත්  රුපියල් 1500.00 නොයික්ම වන  අවස්ථාවක 750.00
1500.00 ඉක්මවන අවස්ථාවක 1000.00

 

 ව්‍යාපාර බදු

අවශ්‍ය මූලික සුදුසු කම්

බල ප‍්‍රදේශය තුල වෙළඳ බලපත‍්‍රයක් ලබා ගත යුතු නොවන්නා වූද , කර්මාන්ත බද්දකට යටත් නොවන්නා වූද යම් ව්‍යාපාරයක් පවත් වාගෙන යාම.

 

නිර්නායක

1987 අංක 15 දරණ ප්‍රාදේශීය සභා පනතේ 152 (1) වන වගන්තිය යටතේ ව්‍යාපාර බදු අය කිරීම සඳහා ප්‍රාදේශීය සභාව වෙත බලය පැවරි ඇත.

 

කළ යුතු කාර්යයන්

  • වෙළඳ ව්‍යාපාර බද්ද ගෙවීමට යටත් තැනැත්තකුගෙන් එම බද්ද ගෙවිමට ප්‍රාදේශීය සභාව ඉල්ලා සිටීමෙන් පසුව දින හතක් ඇතුළත අදාල ව්‍යාපාර බදු මුදල් සභාව වෙත ගෙවිමට කටයුතු කළ යුතු අතර, එම ගෙවීම පැහැර හැරිය හොත්  ප්‍රාදේශීය සභා ලේකම් වරයා විසින් එම පැහැර හැරීම සම්බන්ධව අධීකරණ ක‍්‍රියාමාර්ග ගනු ලබයි.

 

වැය වන මුදල

බදු ගෙවීමට යටත් වෙළඳ ව්‍යාපාරයේ බද්ද ගෙවිය යුතු වර්ෂයට පෙර වර්ෂය සඳහා වූ ආදායම අනුව පහත සඳහන් බද්දක් අය කරනු ලැබේ.

 

පෙර වර්ෂය සඳහා ව්‍යාපාරයේ ආදායම බදු මුදල රුපියල්
රුපියල් 6000.00 නොයික්මවන අවස්ථාවක බදු අදාළ නොවේ
රුපියල් 6000.00 ඉක්මවන හා රුපියල් 12000.00 නොයික්මවන අවස්ථාවක 90.00
රුපියල් 1200.00 ඉක්මවන හා රුපියල් 18750.00 නොයික්මවන අවස්ථාවක 180.00
රුපියල් 18750.00 ඉක්මවන හා රුපියල් 75000.00 නොයික්මවන අවස්ථාවක 360.00
රුපියල් 75000.00 ඉක්මවන හා රුපියල් 150000.00 නොයික්මවන අවස්ථාවක 1200.00
රුපියල් 150000.00 ඉක්මවන අවස්ථාවක 3000.00

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023