• .
  • .
  • .
  • .
  • .
  • .

පාරිසරික ආරක්ෂණ බලපත‍්‍රය

නීතිමය අධිකාරිය

 

1987 අංක 40 දරණ මධ්‍යම පරිසර අධිකාරිය පනත

 

ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන :-

 

  • නිවැරදිව සම්පූර්ණ කරන ලද අයදුම් පත
  • කර්මාන්තය පිහිටි ස්ථානය දැක්වෙන මාර්ග සටහන
  • ව්‍යාපාර නාම ලියා පදිංචි කිරීමේ සහතිකය
  • ඉඩමේ මිනින්දෝරු සැළැස්ම (පිඹුර)
  • අප ද්‍රව්‍ය පිරිපහදු පද්ධතිය, වායු දූෂණය ශබ්දය ඇතුළු පරිසර දූෂණ වැළැක්වීමේ ක‍්‍රියා මාර්ග පිළිබඳ සැළැස්ම.
  • පළාත් පාලන ආයතනයෙන් ලබාගත් වෙළඳ බලපත‍්‍රය හෝ අනුමත ගොඩනැඟිලි සැළැස්මේ පිටපතක්
  • කර්මාන්ත පවත්වාගෙන යනු ලබන ඉඩමේ අයිතිය (මප්පුවේ පිටපත, බල පත්‍රයේ පිටපත හෝ නියම අයිතිකරු කැමැත්ත ප්‍රකාශ කරන ලද ලිපියක්)
  • නියමිත කටයුත්තට හා ස්ථානයට අනුව විශේෂ බල පත්‍රයක් හෝ තොරතුරු ඉදිරිපත් කළ යුතු අවස්ථාවකදී එවැනි බල පත්‍ර වල පිටපත් ඉදිරිපත් කළ යතුය.

 

බලපත‍්‍රය ලබා ගැනීමේ ක‍්‍රියාවලිය 

 

  • ගාස්තුවක්  රහිතව ප්‍රාදේශීය සභාවෙන් අයදුම් පත‍්‍රයක් ලබා ගැනිම
  • ඉදිරිපත් කළයුතු ලේඛනයන්ද සමඟ අයදුම් පත නිවැරදිව සම්පූර්ණ කර ඉදිරිපත් කිරීම.
  • අවම වශයෙන් පරීක්ෂණ කමිටුවේ සාමාජිකයින් දෙදෙනෙකුගේවත් සහභාගීත්වයෙන් ක්ෂේත‍්‍ර නිරීක්ෂයක් සිදු කිරීම.
  • අයදුම්පත් තාක්ෂණික ප‍්‍රගති සමාලෝචන කමිටුව වෙත ඉදිරිපත් කිරිම
  • ප්‍රාදේශීය සභා සභාපති වරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව බලපත‍්‍රය නිකුත් කිරීම.

 පාරිසරික ආරක්ෂණ බලපත්‍රය අලුත් කිරීම

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර කාලය අවසන් වීමට මාස 3කට කලින් ඒ සඳහා වන අයදුම් පත් සම්පූර්ණ කර ප්‍රාදේශීය සභාව වෙත ඉදිරිපක් කල යුතුය.

 

ගාස්තු අය කිරීම

අයදුම්කරුගේ අයදුම්පතේ සඳහන් මූලික ආයෝජන අනුව පරීක්ෂණ ගාස්තු අය කෙරේ.

 

ආයෝජනය රු. පරීක්ෂා කිරීමේ ගාස්තුව (උපරිම) රු.
250000 හෝ ඊට අඩු 3000.00
250,001 – 500,000 දක්වා 3750.00
500,001 – 1,000,000 දක්වා 5000.00
1,000,001 ට වැඩි 10000.00
  • කර්මාන්තය ආරම්භ කර නොමැති අවස්ථාවක වසරක් සඳහා පාරිසරික නිර්දේශය ලබා ගැනීමට කටයුතු කල යුතුය.
  •  වසර 3ක් සඳහා පාරිසරික ආරක්ෂණ බලපත‍්‍ර ගාස්තු රුපියල් 4000.00 කි. (බදු එකතු වේ)
  • පරිසර ආරක්ෂණ බලපත‍්‍ර අවුරුදු 3කට වරක් අළුත් කල යුතුය. අළුත් කිරීමේදී පරීක්ෂණ ගාස්තු අය නොකරන අතර, රුපියල් 4000.00 බල පත‍්‍ර ගාස්තුවක් අය කරනු ලබයි.

පාරිසරික ආරක්ෂණ බලපත්‍රය වාර්ෂික අලුත් කිරීම සඳහා වූ අයදුම් පත්‍රය බාගත කරගන්න

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023