• .
  • .
  • .
  • .
  • .
  • .

කුලී අය කිරීම

 පොළ බදු අය කිරීම

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව විසින් ජාතික පුවත් පත්වල පල කරනු ලබන ටෙන්ඩර් දැන්වීමක් මඟින් අඟුණකොළපැලෑස්ස සහ දෙබොක්කාව මහජන සති පොළ වල බදු අය කිරීමේ අයිතිය ඉදිරිපත් වන ටෙන්ඩර් අතුරින් සාර්ථකම ටෙන්ඩර් කරු වෙත වාර්ශිකව පවරනු ලබයි.

 

මාළු වෙළඳ පොළ බදු අය කිරීම

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාව විසින් ජාතික පුවත් පත්වල පල කරනු ලබන ටෙන්ඩර් දැන්වීමක් මඟින් අඟුණකොළපැලෑස්ස  මාළු වෙළඳ බදු අය කිරීමේ අයිතිය ඉදිරිපත් වන ටෙන්ඩර් අතුරින් සාර්ථකම ටෙන්ඩර් කරු වෙත වාර්ශිකව පවරනු ලබයි.

 

කඩ කාමර කුලී

අඟුණකොළපෑලැස්ස මහජන සති වෙළඳ පොළ කඩ කාමර කුලී

අඟුණකොලපෑලැස්ස මහජන සති වෙළඳ පොළ පරිශ‍්‍රයේ ප්‍රාදේශීය සභාවට අයත් කඩ කාමර 10කි. එම කඩ කාමර අඟුණකොළපෑලැස්ස මහජන සති පොළ තොග (සෙනසුරාදා, අඟහරුවාදා)දින  හා සිල්ලර පොළ පැවැත්වෙන(ඉරිදා, බදාදා)දින වල පමණක් විවෘතව තබයි. තක්සේරු වටිනාකම මත සභාව  විසින් තීරණය කරන ලද මුදලක් ඒවායෙන් මාස්පතා කුලිය ලෙස අය කරනු ලබයි.ඒ අනුව මාසික කුලී මුදල එක්කඩ කාමරයකට රුපියල් 300.00කි. සෑම මසකම 20වෙනි දිනට බදු කුලී මුදල ගෙවිය යුතු අතර, 20වෙනි දින පසු වූ විට එක් දිනක් පාසා දිනකට රුපියල බැඟින් කඩ කාමර වෙනුවෙන් දඩ මුදල් අය කරනු ලැබේ.

 

දෙබොක්කාව මහජන සති වෙළඳ පොළ කඩ කාමර කුලී

දෙබොක්කාව මහජන සති පොළ පරිශ‍්‍රයේ අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාවට අයත් කඩ කාමර 4කි. තක්සේරු වටිනාකම මත සභාව  විසින් තීරණය කරන ලද මුදලක් ඒවායෙන් මාස්පතා කුලිය ලෙස අය කරනු ලබයි.ඒ අනුව මාසික කුලී මුදල එක්කඩ කාමරයකට රුපිලයල් 625.00කි. සෑම මසකම 20වෙනි දිනට බදු කුලී මුදල ගෙවිය යුතු අතර, 20වෙනි දින පසු වූ විට එක් දිනක් පාසා දිනකට රුපියල බැඟින් කඩ කාමර වෙනුවෙන් දඩ මුදල් අය කරනු ලැබේ.දෙබොක්කාව පොළ පැවැත්වෙන බ‍්‍රහස්පතින්දා දින මෙම කඩ කාමර විවෘතව තබයි.

 

ක‍්‍රීඩාපිටිය කුලියට දීම

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභා මහා සභා රැස්වීමේ යෝජනා සම්මුතියකට අනුව අඟුණකොළපෑලස්ස ප්‍රාදේශීය සභාව සතු ක‍්‍රීඩා භූමි බදු දෙනු ලැබේ.

 

කළයුතු කාර්යයන්

  • අවශ්‍යතාවය හා අවශ්‍ය දින ගණන සඳහන් කරමින් ප්‍රාදේශීය සභාව වෙත ඉල්ලීමේ ලිපියක් ඉදිරිපත් කළ යුතුය.
  • අනතුරුව ප්‍රාදේශීය සභාව විසින් ඒ පිළිබඳ සළකා බලා අය නියමිත ගාස්තු අයකර කර  ඉල්ලුම් කරු වෙත බදු දීම සම්බන්ධව ලිපියක් ඉදිරිපත් කරනු ලැබේ.

 

වැය වන මුදල

එක් දිනක් සඳහා ක‍්‍රීඩා පිටිය බදු දීම වෙනුවෙන් රුපියල් 500.00ක්  අය කරනු ලැබේ. මේ සඳහා ජාතිය ගොඩ නැඟීමේ බදු මුදල වන 2% මුදල අය කරගනු ලැබේ.

 

 

ජල බවුසරය කුලියට දීම

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභා මහා සභා රැස්වීමේ යෝජනා සම්මුතියකට අනුව ප්‍රාදේශීය සභාව සතු ජල බවුසර කුලියට දීම සිදු කරනු ලබයි.

 

කළයුතු කාර්යයන්

  • ජල බවුසරය අවශ්‍ය බව සහ අවශ්‍ය ස්ථානය, ධාරිතාවය දිනයන් දක්වමින් ප්‍රාදේශීය සභාව වෙත ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

     

  • සභාව විසින් අය කරනු ලබන මුදල ගෙවා ජල බවුසරය ලබා ගත හැකිය.

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023