• .
  • .
  • .
  • .
  • .
  • .

අඟුණකොළපෑලැස්ස මහජන පුස්තකාලය

 

ඉතිහාසය

අඟුණකොළපෑලැස්ස මහජන පුස්තකාලය 1985 වර්ෂයේදී ආරම්භ කර ඇත.

 

පිහිටීම

අඟුණකොළපෑලැස්ස නගර මධ්‍යයේ සිට මීටර් 200 පමණ දුරින් අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභා  භුමියේ පිහිටා ඇත.

 

වර්තමාන තත්වය

දෛනික  පාඨක සංඛ්‍යාව 150- 200 කට ආසන්න ප්‍රමාණයක්  වන අතර, 2012 වර්ෂය වන විට  සාමාජික පිරිස 1500කට  ආසන්න ප්‍රමාණයක්ද,   පුස්තකාලය සතු පොත් සංඛ්‍යාව 4002ක්ද වේ.

 

අඟුණකොළපෑලැස්ස මහජන පුස්තකාලයේ  අංශ

  • පොත් බැහැරදෙන අංශය
  • විමර්ශන අංශය
  • අධ්‍යයන අංශය
  • ළමා අංශය
  • පුවත්පත් අංශය
  • කියවිම් ශාලාව

     

     

පුස්තකාල පොත් බැහැර දීම

  • පුස්තකාලයේ සාමාජිකත්වය ලබා ගෙන බැහැරට පොත් ගෙන යෑමේදී පොත පරිහරණය කිරීම සඳහා සති දෙකක කාලයක් ලබා දෙන අතර,  සති දෙක ඉක්මවිමට පෙර එම කාලය තවත් සතියක් දක්වා දීර්ඝ කර ගත හැකිය.
  • සති දෙක ඉක්ම යන තෙක් පොත භාර දීමට අපොහොසත් වුවහොත් ඉන් පසු ගත වන සෑම දිනයක් සඳහාම ශත 50ක මුදලක් අය කරනු ලැබේ.
  • සාමාජිකත්වය ලබා ගත් අයෙකු අතින් ලබා ගත් පොතක් නැතිවීමේදී හෝ පොත විනාශ වීමක් සිදු වුව හොත් එම පොතෙහි වර්තමාන වටිනාකම මෙන් 125%ක මුදලක් හෝ එම පොත ගෙන්වා දිම සිදු කළ යුතුය.

පුස්තකාල සාමාජික ගාස්තු

විස්තරය සාමාජික ගාස්තුව
පාසල් ළමුන් සඳහා (සියලු බදු ඇතුලත්ව)

රු.158.00

වැඩිහිටියන් සඳහා (සියලු බදු ඇතුලත්ව)

රු.158.00

සාමාජික අයදුම්පත‍්‍ර

අඟුණකොළපෑලැස්ස ප්‍රාදේශීය සභාවට අයත් මහජන පුස්තකාල වල සාමාජිකත්වය ලබා ගැනීම සඳහා අයදුම්පත‍්‍ර බාගත කර ගන්න

 

විස්තර සඳහා විමසිම් :-  ප‍්‍රජා සංවර්ධන නිළධාරී – ඊ.වී.ජී.කේ. එරන්දි මිය

                                    දුරකතන අංක :- 047-2228275

 

අවසන් යාවත්කාලීන කිරීම : December 15, 2023